කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක්

Share

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෑතක දී සිදුකල ප්‍රකාශයක් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

 

තමා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන කාලයේ දී ඔහු විසින් සිදු කළ බව පැවසෙන අපරාධ පිළිබඳව කරුණාඅම්මාන් විසින් පසුගිය දිනක සිදු කරන ලද ප්‍රකාශක් සම්බන්ධයෙන් එම පරීක්ෂණය වහාම සිදු කරන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read more

Local News