මැතිවරණයට ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ පැමිණීම ගැන තීරණය තව සති දෙකකින්

Share

මහ මැතිවරණය නිරික්ෂණය සදහා ජාත්‍යාන්තර නිරික්ෂකයන් එනවාද නැද්ද යන්න පිලිබද තීරණය කළ හැකි වන්නේ තවත් සති දෙකකින් පසුව බව මැතිවරණ කොම්ෂමේ සභාපති පවසයි

 

සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මැතිවරණ නීති සුරක්ෂිතව ආරක්ෂා කිරීමට සහාය ලබා දෙන ලෙසය.

මැතිවරණ නීති පිළිබඳව ජනතාව දැනුවත් නැතැයි ද, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේය.

ඔහු ඒ බව පැවසුවේ ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් පළ කරමිනි.

මේ අතර සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පැවැත්වීම හා කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read more

Local News