රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරිම ගැන නිවේදනයක්

Share

මේ වසරේ මාර්තු 16 සහ ජුනි 30 වන දා දක්වා කාලය තුළදී වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන්වීමට නියමිත දිනයේ  සිට මාස 6 කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 

2020 ජූලි මස පළමුවන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය අතරතුර වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන් වන දිනයේ සිට මාස 3 ක කාලයකින් ද දීර්ඝ කර තිබේ.

මෙම නියමයන් ඇතුළත් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News