වැඩිම ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ දිනයේ වාර්තා වෙයි

Share

කොරෝනා වසංගතය පැතිර ගිය පසු දිනක දී වාර්තාවූ වැඩිම ආසාදිතයන් ගණන ඊයේ (21) දිනයේ දී වාර්තාවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

 

එම සංඛ්‍යාව එක්ලක්ෂ අසූ තුන්දහසකට අධිකයි.

ඒ සමග සමස්ත ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 90 ඉක්මවා යන අතර වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑදහස් හයසිය හැට පහක් බව වාර්තා වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම්වලට අනුව කොවිඩ් වසංගතයෙන් ලොව එක් දිනක දී හඳුනාගත් ඉහළම සමස්ත ආසාදිතයන් ගණන වාර්තා වී තිබෙන්නේ ගතවූ පැය 24 දීයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයන් 183,000 ඉක්මවූ පිරිසෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙන්නේ බ්‍රසීලය, අමෙරිකාව සහ ඉන්දියාව යන රටවලින්.

ඒ සමග සමස්ත ගෝලීය ආසාදිතයන් ගණන මිලියන 9 ඉක්මවා ගියේය.

වසංගතයෙන් ලොව වැඩිම බලපෑම් එල්ලවූ රට වන අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන අද වන විට විසි තුන්ලක්ෂ පනස් හය දහසකට අධික විය.

එරටින් මරණ 120,000කට වැඩි ප්‍රමාණයක්ද වාර්තාවී තිබේ.

රට තුළ ඇතිවිය හැකි දෙවන කොවිඩ් රැල්ලකට මුහුණදීම සඳහා ට්‍රම්ප් පරිපාලනය සූදානමින් සිටින බව ධවල මන්දිරයේ වෙළඳ උපදේශක පීටර් නවාරෝ පවසයි.

ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක රැළිය පැවති ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාගත ඉහළයෑමක් දක්නට ලැබෙන බවත් එරට වාර්තා සඳහන් කළේය.

Read more

Local News