බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සහ ඊට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේය.
විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.
මෙසේ නිදහස් කළ පිරිස අතරට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ පොත භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී නිසා තවත් ඇත්ගොව්වන් තුන් දෙනෙකු ද ඇතුළත් වෙයි.
කෙසේ වෙතත් ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර සිටි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු තවත් විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නඩුවක් පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන අතර ඔවුන්ගේ විත්ති වාචකය කැඳවීමටද අධිකරණය විසින් තීරණය කරනු ලැබීය.



