ඉන්දියාවේ වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ 26, 910 ක් වන අතර මරණ13,703ක් ක් සිදුව තිබේ.
මේ අතර දිල්ලි හි සුඛෝපභෝගී හෝටල් 25 ක් කොවිඩ් නයින්ටීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය දිගින් දිගටම වර්ධනය විමත් සමග රෝහල්වල ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති විම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව බරපතළ නොවන තත්ත්වයේ සිටින ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරිමට හෝටල් 25ක් තෝරාගෙන ඇති බව දිල්ලි බලධාරින් ප්‍රකාශ කර ඇත.




