මහ මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 20 ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.
රජයේ මුද්‍රණාලයේ අධිපතිනී ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල පමණක් නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පවතින බවයි.
ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50% කින් අවසන් කර ඇති බව ද ඇය සඳහන් කළා ය.
මේ වනවිට මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසමට ඡන්ද පත්‍රිකා ලබා දී ඇති දිස්ත්‍රික් සංඛ්‍යාව 13කි.
ඒ අනුව මාතලේ, නුවරඑළිය, මාතර, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව , රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලත් ගාල්ල, හම්බන්තොට හා බදුල්ල දිස්ත්‍රික්කවලට අයත් නිල ඡන්ද පත්‍රිකා මේ වනවිට මැතිවරණ කොමිසමට භාර දී තිබේ.
රජයේ මුද්‍රණාලයේ අධිපතිනී සඳහන් කළේ, අද දිනයේදී දිගාමඩුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලත් හෙට දිනයේ දී වන්නි දිස්ත්‍රික්කයේත් නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට ලබාදීමට නියමිත ය.
එමෙන්ම මෙවර මැතිවරණයට අදාළ ගෘහස්ථ දැන්වීම් පත්‍රිකා මුද්‍රණයද අවසන් අදියරේ පවතින බව ගංගා කල්පනී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා ය.
ඇය සඳහන් කළේ, බස්නාහිර පළාතේත් මහනුවර හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් එම ගෘහස්ථ දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමට නියමිත බවයි.
මුද්‍රණය කිරීමට නියමිත සමස්ත ගෘහස්ත දැන්වීම් ප්‍රමාණය හැට ලක්ෂයකි.
මෙම ඡන්ද පත්‍රිකා ලබන 25වැනිදාට පෙර මැතිවරණ කොමිසමට ලබාදීමට නියමිත බව ද ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළා ය.



