සජින් වාස්ට එරෙහි නඩු විභාගය ජුනි 25 දක්වා කල් යයි

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය මෙම මස 25 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කළ බව අප වාර්තාකරු පැවසීය.

 

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම නඩුව ඊයේ (22) කැඳවනු ලැබුණි.

එහිදී නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගැනීම සිදු විය.

වැඩිදුර විමසීම ලබන 25 වනදා තෙක් කල් තැබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි 30 කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.

එම නඩුවේ සාක්ෂි විභාගය දැනටමත් ආරම්භ වී තිබෙන අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

Read more

Local News