දකුණේ රෝහල් කිහිපයක කණිෂ්ඨ කාර්යය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙයි

Share

දකුණු පළාත්සභාවට අයත් රෝහල්වල කණිෂ්ඨ කාර්යය මණ්ඩලය අද (23) සහ හෙට (24) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

 

අතිකාල දීමනා ලබා නොදීමට එරෙහිව ලෙඩ නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය ටැම්පිටියේ සුගතන්ද හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සමග ඊයේ දිනයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත විමට තීරණය කළ බවයි.

මාස දෙකකට අදාළව ගෙවිය යුතු අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පල කරමින් අද ඇල්පිටිය සහ බලපිටිය රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට ආරම්භ කර තිබේ.

Read more

Local News