තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබයි

Share

අද (23) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1548 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර දින දෙකකට පසුව මෙරටින් නව කොවිඩ් නයින්ටීන් රෝගියෙකු ඊයේ (22) වාර්තා විය.

එම රෝගියා පෙරේදා දිනයේ මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්.

ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1951 ක් වෙයි.

මේ වන විට සුවය ලැබු ගණන ප්‍රතිශතයක් ලෙස සියයට 75.49 ක්.

තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් 392 දෙනා ප්‍රතිශතය ක් ලෙස සියයට 23.95 ක්.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 217 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් දිවයිනට පැමිණි පිරිස කටුනායක ගුවන්තොටුපලේ දී පි.සි.ආර්.පරීක්ෂණය සඳහා යොමු කෙරුණි.

Read more

Local News