බස් ගාස්තු ඉහළ දමන්නැයි ඉල්ලීමක්

Share

වසර දෙකකින් පමණ බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවූ බැවින් බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලබා දෙන්නැයි පුද්ගලික බස් රථ හිමියන් ඉල්ලා සිටී.

 

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදී බස් සංගම් නියෝජිතයින් පිරිසක් එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

පැවති වසංගත තත්වය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවූ කාල සීමාවේ සිටම මහජනතාව පොදු ප්‍රවාහනය භාවිත නොකිරීම හා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් මත ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව බස් රථ හිමියන් පවසා තිබේ.

එහෙත් මෙම අවස්ථාවේ රටේ ආදායම් අවම තත්ත්වයක් ඇති බැවින් බස් ගාස්තු සංශෝධනයක් කිරීම නොගැළෙපන බවත්, ඒ සඳහා රජය කටයුතු නොකරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළ බව නිවේදනයේ සඳහන්ය.

නමුත් බස් කර්මාන්තය සඳහා ලබා දිය හැකි සහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා බස් සංගම් නියෝජිතයින්ට දන්වා තිබේ.

Read more

Local News