මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

 

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහදකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News