ප්‍රතිපාදන නොමැති වීමෙන් පළාත් සභාවට අනියුක්ත රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ඇතුළු අතිරේක දීමනා ගෙවීමේ ගැටලු රැසක් මතුව තිබේ.
මින් දැඩි බලපෑමට ලක්ව ඇත්තේ, පළාත් සභාවලට අනියුක්ත සෞඛ්‍ය සේවකයින්ය.
මේ පිළිබඳව පළාත ප්‍රධාන ලේකම්වරුන් විසින් පසුගිය දා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.
ඒ අනුව අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, අදළ ප්‍රතිපාදන ප්‍රමාණය ගණනය කර දැනුම් දෙන ලෙසය.
එම වාර්තා ලැබුණු පසු එම ප්‍රතිපාදන මහ භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය.