මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

අද (27) බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගු‍ණ විද‍්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

උතුරු, උතුරුමැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක විශේෂයෙන්ම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගු‍ණ විද‍්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News