කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 18කට ජල සැපයුම අත්හිටුවයි

Share

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ‍(27) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද රාත්‍රී 10.00 සිට හෙට පස්වරු 04.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි.

කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01, 11 සහ 12 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් ක‍ළේය.

Read more

Local News