යහපාලන සමයේ රාජ්‍ය බංකුවල මූල්‍ය අක්‍රමිකතා සොයන්න කොමිසමක්

Share

පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මගින් අවධිමත් ආකාරයෙන් ලබාදුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සෙයා බැලීම සඳහා කොමිසමක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

ලංකා බැංකු සේවක සංගමය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව අදාල කොමිසම පත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

අරලියගහ මන්දීරයේදී ලංකා බැංකු සේවක සංගමය සමග පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

රාජ්‍ය බැංකුවල දැනට සේවයේ යෙදී සිටින සේවකයින් විශ්‍රාම යාමේදී විශ්‍රාම වැටුප් පිළිබඳ වූ ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු තිබේ.

එම ගැටළු සඳහා කමිටුවක් හරහා කඩිනමින් විසදුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News