බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය අත්හැර දමා තිබේ.
ඊයේ (26) පස්වරුවේ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වර්ජනය අත්හැර දැමීමට රැඳවියන් තීරණය කර ඇති බව බූස්ස බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන වෙලේ සුදා සහ කංජිපානි ඉම්රාන් ඇතුළු රැදවියන් පිරිසක් මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබුණි.
රැඳවියන් මෙහිදී ඉල්ලා සිටියේ වැඩි වේලාවක් තමන්ව සිර මැදිරිවලින් පිටත තබන ලෙසයි.
කෙසේවෙතත් ඊයේ (26) පැවති සාකච්ඡාවේදී බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත්තේ එම ඉල්ලීම ඉටු කිරීමට හැකියාවක් නොමැති බවය.
එහෙත් දින 3ක් ඇතුළත විසඳුම් ලබාදීමේ පොරොන්දුව මත බන්ධනාගාර රැඳවියන් අදාල වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ අනුව ඊයේ රාත්‍රියේ බන්ධනාගාර රැඳවියන් සිය ආහාර වේල ලබාගෙන ඇති බව ද වාර්තා වේ.



