ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැනත් විමර්ශනය කළ යුතුයි – UNHRC

Share

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කරුණා අම්මාන් පිළිබඳව විමර්ශනය කළ යුතුව ඇතැයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසයි.

 

එම කවුන්සිලය මේ බව කියා සිටියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

එම කවුන්සිලය වැඩිදුරටත්  පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී,ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන කරුණා අම්මාන්ගේ අතීත අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යන බව මානව හිමිකම් කවුන්සිලය සටහන් කර සිටින බවයි.

ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් වන ළමා සොල්දාදුවන් තොග වශයෙන් බඳවා ගැනීම ගැන ද කරුණා අම්මාන් සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කර සිටී.

එම කවුන්සිලය තවදුරටත් පෙන්වා දෙන්නේ, වගවීම ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම අදාළ විය යුතු බවයි.

Read more

Local News