CIMA ගෝලීය උප සභාපති ධුරයට පත් ප්‍රථම ලාංකීය කාන්තාව

Share

මෙලනි ජෙනීන් කනකා මහත්මිය, වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ගෝලීය උප සභාපති ධුරයට පත්ව සිටින්නී ය.

 

ඇය එම ධුරයට පත් පළමු ශ්‍රී ලාංකික කාන්තාවයි.

මේ අතර කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය හේමාස් හෝල්ඩිංස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ව්‍යාපාර සමූහයක ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පත් පළමු කාන්තාව ඇයයි.

ඇගේ පත්වීම මේ වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට බලාත්මක වේ.

චෙල්ලරාජා විල්සන් මහත්මිය බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි සිසුවියකි.

මේ අතර රංජිත් කොඩිතුවක්කු මහතා මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ධුරයට පත් කර තිබේ.

ඒ මීට පෙර එම තනතුර දැරු බොනිෆස් සිල්වා මහතා විශ්‍රාම යාමත් සමගයි.

Read more

Local News