රැඳවියන්ට උපකරණ දුන් බන්ධනාගාරවල අවට පදිංචිකරුවන් අත්අඩංගුවට

Share

රැඳවියන්ට ජංගම දුරකතන ඇතුළු විවිධ උපකරණ ලබාදුන් වැලිකඩ හා මැගසින් බන්ධනාගාරවල අවට පදිංචිකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, බොරැල්ල පොලීසියේ නිලධාරීන් කළ මෙහෙයුම්වලින් එම පිරිස අත්අඩංගුවට ගත් බවය.

එම පරීක්ෂා කිරීම්වලිදී හෙළිවී ඇත්තේ සැකකරුවන් හෙරොයින්, අයිස් හා දුම්කොළ වැනි මත්ද්‍රව්‍ය මෙන්ම දුරකතන අරෝපණය කිරීම සඳහා යොදා ගන්නා උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් රැඳවියන්ට විවිධ ක්‍රම මගින් ලබාදීමට තැත් කර ඇති බවයි.

ඔවුන් එම උපකරණ බන්ධනාගාර තාප්පය අසළ සිට බන්ධනාගාරය තුළට විවිධ ක්‍රම මගින් ලබාදී ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ, සියලු බන්ධනාගාර හදිසි පරීක්ෂාවට ලක් කිරීමට බන්ධනාගාර බුද්ධි අංශවලට අවසර ලබාදී ඇති බවය.

ඒ අනුව දෛනිකව වැටලීම් ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Read more

Local News