කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වර්ජනයක් අරඹයි

Share

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

 

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ ගැටළුවක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වන බව වාර්තා වෙයි.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් මෙන්ම ඇසුරුම් කටයුතු මීට පෙර මධ්‍යම තැපැල් හුවමාරුවේ දී සිදු කෙරුණු අතර මෙවර ඒ සඳහා හැව්ලොක්ටවුන් හි පිහිටි තැපැල් කාර්යාලය යොදා ගැනීමට තැපැල් බලධාරීන් තීරණය කර තිබේ.

ඊට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව තැපැල් වෘත්තිය සමිති සඳහන් කළේය.

Read more

Local News