ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 550,000කට ආසන්න වී තිබේ.
ඒ ඊයේ (28) දිනයේ නව ආසාදිතයින් 19,620 දෙනෙකු හඳුනා ගැනිමත් සමගයි.
ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් ආසාදිතයින් 549,197 දෙනෙකු වාර්තා වී තිබේ.
කෙසේවෙතත් ඉන්දීයාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාවේ කිසියම් අඩුවීමක් පෙන්නුම් කරන අතර ඊයේ දිනයේ ද සිදුව ඇත්තේ මරණ 384ක් පමණයි.
ඒ අනුව ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 16,487ක් ලෙස දැක්වෙයි.
ආසාදිතයින් 321,774 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.