තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අංශ තුනකට විශේෂ දිනයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනක සේවක සේවිකාවන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ දිනයක් ලෙස ජුලි 13 ප්‍රකාශයට පත් කර තිබේ.

 

ඒ අනුව එදින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සිය තැපැල් ඡන්දය ජුලි 13 වන දා ලකුණු කළ හැකිය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

Exit mobile version