කාර්යාල දුම්රිය ධාවන වේලාවන් තාවකාලිකව සංශෝධනය කරයි

Share

කාර්යාල දුම්රිය ධාවන වේලාවන් තාවකාලික සංශෝධනයක් කර තිබේ.

 

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, මුහුදු බඩ දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.

ඒ අනුව නව කාලසටහන සති දෙකක කාලයක් අත්හදා බැලීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, මෙතෙක් පැවති කාලසටහනේ වේලාවන්වල සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදු කර ඇති බවය.

Read more

Local News