මාතලේ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් සිව් දෙනෙකුට මැලේරියා රෝගය වැළඳි ඇති බවට තහවුරු වී ඇතැයි ජාතික මැලේරියා මර්දන ඒකකය පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, ඔවුන් අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි අය බවයි.
මේ හේතුවෙන් අද, විශේෂ කීට විද්‍යා කණ්ඩායමක් සහ සෞඛ්‍ය නිලධාරීන් එක්ව එම නිරෝධායන මධ්‍යස්ථානය අවට මදුරු ව්‍යාප්තිය පිළිබඳ පරීක්ෂණ කරන බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර විදේශගතව සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල රැඳි සිටින පුද්ගලයින්ට මැලේරියාව වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අරම්භ කිරීමට මැලේරියා මර්දන ඒකකය පියවර ගෙන තිබේ.
වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඔවුන් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත යාමෙන් අනතුරුව ප්‍රාදේශීය මැලේරියා මර්දන නිලධාරීන් මාර්ගයෙන් රෝග පරීක්ෂාවක් කරන බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති, මැලේරියා රෝගීන් ගණන 16 කි.
පසුගිය වර්ෂයේ දී මෙරටින් මැලේරියා රෝගීන් 53 දෙනෙකු වාර්තා විය.



