රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි

Share

උඩරට දුම්රිය මාර්ගයේ සිදු වු පීලි පැනීමක් නිසා කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අද (01) ධාවනය නොවන බව වාර්තා වේ.

 

මේ අතර , නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා භාණ්ඩ ප්‍රවාහන කළ 1059 දුම්රිය හැටන් දුම්රිය ස්ථානය අසළදි අද (01) පස්වරු 5.30ට පීලි පැනීමට ලක්ව ඇත.

එම දුම්රියේ සෙසු මැදිරි පීලි පැන ඇති දුම්රිය මැදිරියෙන් ගලවා ඉවත් කර හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

අද (01) උදැසනද මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ඉන්ධන ප්‍රවාහන ටැංකියක් අඹේවෙල සහ පට්ටපොල දුම්රිය ස්ථාන  අතර පීලි පැනීමට ලක් විය.

පීලි පැන ඇති දුම්රියන් දෙකම කඩිනමින් පීලිගත කිරිමේ කටයුතු ආරම්භ කර ඇත.

Read more

Local News