කොරෝනා ආසාදිතයින් ගණන 2,053 ක් දක්වා ඉහළට

Share

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2053 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගැනීමත් සමගය.

ඉන් තිදෙනෙක් බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ පුද්ගලයින් වන අතර තව ත් දෙදෙනෙක් මහා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ තිබේ.

ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 294 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි.

කොරෝනා අසාදිතව සිටි මෙරට තව ත් පුද්ගලයින් 37 දෙනෙකු අද සුවය ලැබූහ.

ඒ අනුව කොරෝනා ආසාදිතව සිට සුවය ලැබු ගණන පුද්ගලයින් සංඛ්‍යාව 1748 කි.

Read more

Local News