කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2066 ක් දක්වා ඉහළට

Share

මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2066 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

 

ඊයේ (02) දිනය තුළ ආසාදිතයන් 12 දෙනෙකු හදුනාගැනුණි.

ඔවුන්ගෙන් 05 දෙනෙකු කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අය වන අතර තවත් 5 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණි අය වේ.

ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු ද ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර ඊයේ රාත්‍රි කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගත් තැනැත්තා ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රි ලාංකිකයෙකු වේ.

ඔහු දින 14ක නිරෝධායන කාලසීමාවකින් පසු සිදුකළ පි.සි.ආර් පරික්ෂාවකදි ආසාදිතයෙකු නොවන බවට හඳුනාගෙන තිබුණි.

අනතුරුව එම පුද්ගලයා කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ නිරෝධායනට ලක්වෙමින් සිටියදි සිදුකළ පි.සි.ආර් පරික්ෂාවකදී ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

කෙසේවුවද ඔහු සමාජය තුළින් හඳුනාගත් රෝගියෙකු ලෙස නොසළකන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

Read more

Local News