නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් හෙට සිට අපේක්ෂා කළ හැකි බවයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

හම්බන්තොට, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇතිවිය හැක. සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං සහ දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත්වල ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version