කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාරය ලබන 07 වනදා සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති විධිවිධානවලට අනුකූලව ග්‍රහලෝකාගාරය නැවත විවෘත කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා සියලු දර්ශන සඳහා සීමිත නරඹන්නන් ප්‍රමාණයක් පමණක් සහභාගී කර ගන්නා බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.



