තරග පාවාදීමේ චෝදනා ගැන පරීක්ෂණ නතර කිරීම වැරදියි – මහින්දානන්ද

Share

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පාවා දුන් බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් පැවැත් වූ විමර්ශන නතර කර දැමීම වැරදි බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

 

කෙසේ වෙතත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ආරම්භ කළ විශේෂ පොලිස් විමර්ශන ඒකකය පරීක්ෂණ වාර්තා වැඩබලන පොලිස්පතිවරයාට යවා තිබූ අතර මේ දක්වා ලබාගත් ප්‍රකාශවලින් තරග පාවාදීමක් ආනාවරණය නොවන බව ඊයේ(03) පස්වරුවේ නිවේදනය කළේ ය.

2011 ලෝක කුසලාන අවසන් තරගය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මේ වනතෙක් 2011 අවසන් තරගය පාවාදීම පිළිබඳ කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවය.

Read more

Local News