වැරදි ක්‍රියාවලට විරුද්ධව දේශප්‍රේමිත්වයෙන් කටයුතු කළ යුතුයි – මෛත්‍රී

Share

ගිය ආණ්ඩු සමයේ මෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ගැටුම් නිර්මාණය වුවහොත් රට යළිත් අර්බුදයකට පත්වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

පානදුර ප්‍රදේශයේ ඊයේ (4) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඒ් මහතා පවසන්නේ ජනපති හා අගමැති පක්ෂ දෙකක වුවහොත් රටේ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුද උග්‍ර ලෙස වර්ධනය වන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබා දීමට තීරණය කර ඇත්තේ ධනේෂ්වර ක්‍රමයට විරුද්ධව මෙන්ම වැරදි ක්‍රියාවලට විරුද්ධව දේශප්‍රේමිත්වයෙන් කටයුතු කිරීමට බවත් ඒ් මහතා පැවසීය.

Read more

Local News