පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයක සැකකරුවෙක් වන පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිදු වූ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළ මොහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙම පොලිස් පරීක්ෂකවරයා, වෙහෙරවත්ත කංකානමලාගේ සමන් වසන්ත කුමාර නැමති අංක 189, කිරිකත්ත , වැලිවේරිය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 49 ක අයෙක් වන අතර සැකකරුගේ ඡායාරූපය පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධ කර ඇත.
මෙම ඡායාරූපයේ සිටින සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව ද පොලීසිය පවසයි.
තොරතුරු දැන්විය යුතු දුරකථන අංක – 071 859 17 67 / 0112 42 21 76



