කිසිඳු රජයේ හෝ පළාත් සභා කාර්යාලයක, රජයේ පාසලක, පළාත් සභා ආයතනයක, වෙනත් රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයක මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ අත් පත්‍රිකා බෙදීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.
එමෙන්ම කාර්යාල හෝ ආයතන පරිශ්‍රයන් තුළ දේශපාලන රැස්විම පැවැත්විම ද තහනම් බව එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එවැනි ක්‍රියාවලින් වැලකී සිටින ලෙස සියලු දේශපාලකයින්ට මෙන්ම දේශපාලන ක්‍රියාකාරීන් හා වෘත්තිය සමති ක්‍රියාකාරින්ට දැනුම් දෙන බවද එමෙන්ම මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරිමට ඉඩ ලබා නොදීම එම කාර්යාල හා ආයතනවල ප්‍රධානීන්ගේ වගකීමක් බව ද එම කොමිෂන් සභාව පැවසීය.
මෙම මැතිවරණ සමය තුළ එම ස්ථානවලට අයත් නිශ්චල හෝ චංචල දේපල දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ අපේක්ෂයින්ගේ ප්‍රවර්ධනය සඳහා යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන ලදි.



