ඡන්දය බලාපොරොත්තුවෙන් රට සංවර්ධනය කිරීම නොකළ යුතුයි – අගමැති

Share

රටේ සංවර්ධනය සියලු  දිස්ත්‍රික්කවල එක හා සමානව සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ් මහතා පැවසුවේ ඡන්දය බලාපොරොත්තුවෙන් පමණක් රට සංවර්ධනය සිදු නොකළ යුතු බවය.

 

 

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පරාජයවන බව දැන දැනම යුද්ධය අවසන් වු වහාම උතුරේ මැතිවරණ පැවැත්වුයේ ප්‍රජාතන්ත්‍රවාදයට රැකගත යුතු නිසා බවත් ඒ මහතා අවධාරණය කරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාමට නම් ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදි බලයට පත්විය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

Read more

Local News