රටේ ඇති ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් සොයා ගෙන එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ හෝමාගම ආසනයේ බල මණ්ඩල හමුව ඊයේ (07) පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.
ඒ මහතා වැඩිදුරටත් පැවසූයේ, මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වන අනෙකුත් පක්ෂවලට වඩා ගෘහස්ත ආර්ථිකය ගොඩ නැගිය හැකි විසඳුම් එක්සත් ජාතික පක්ෂයට සතුව පවතින බවයි.



