කේරළ ගංජා කිලෝ 128ක් සමග හතරක් අත්අඩංගුවට

Share

දිවයිනේ ස්ථාන දෙකක දී සිදුකළ වැටලීම්වලින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 128ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් ව තිබේ.

 

 

ඒ අනුව, අද(13) රාත්‍රීයේ වඩුක්කෝට්ටේ පොලිස් වසමේ වරතෝලේ මාර්ගයේ දී සිදුකළ වැටලීමකින් කේරළ ගංජා කිලෝ 124ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පා පැදි දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් නවතා පරීක්ෂා කිරීමේ දී පා පැදි දෙකෙහි පිටුපස පොහොර මලු 2ක ගැට ගසා තිබිය දී ගංජා කිලෝ ග්‍රෑම් 124යි ග්‍රෑම් 750ක් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 37 හා 40 යන වයස්වල පසුවන සුළිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඊයේ (12) රාත්‍රී කොච්චිකඩේ පොලිස් වසමේ තෝප්පුව පාලම අසළ දී වෑන් රථයිකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 130ක් ද සැකකරුවන් දෙදෙනෙක් සමග අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හා 38 යන වයස්වල පසුවන ලිහිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News