ජාඇල පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

Share

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාඇල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

 

මැතිවරණ කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිෂම විසින් මෙම ස්ථානමාරුවීම ලබාදී ඇති බව වාර්තා වේ.

මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවට මැතිවරණ කොමිසම විසින් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ඊයේ (16) පස්වරුවේ රැස්වූ පොලිස් කොමිසම ජාඇල ලෙපාලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙත මාරුකර හැරීමට තීරණය කර තිබේ.

පුරප්පාඩුවන ජාඇල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරට නව නිලධාරියෙකු පත් කරන ලෙස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස් කොමිසම විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

Read more

Local News