ජනතාව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ ව අනියත බියක් ඇති කර නොගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්රවෘත්ති කර්තෘවරුන් සමඟ ඊයේ (16) අරලිය ගහ මන්දිරයේ පැවති හමුවේදීය.
මේ අතර කොවිඩ්-19 වෛරසය මැඩපවත්වා ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ව රජය දැඩි අවධානයෙන් සිටින බවය.
එම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මීට එක් වූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරෙනු ඇතැයි අනාවරණ කළාය.
මේ අතර එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ අවශ්‍ය නම් දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 4000 ක් වුව ද සිදු කිරීමට මේ වන විට හැකියාව පවතින බවය.



