එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පාර්මේන්තු මැතිවරණයට තරග වදින්නේ රටේ බලය ලබා ගැනීමට නොව සිරිකොතේ බලය ලබා ගැනීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර මධ්‍යම පළාතේ නිෂ්පාදනය අත්හිටුවා ඇති තේ කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු නිසි පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව සතියක් ඇතුළත ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
නිසි පරීක්ෂණයකින් තොරව මධ්‍යම පළාතේ තේ කර්මාන්තශාලා 13ක නිෂ්පාදනය අත්හිටුවීමට තේ මණ්ඩලය පියවර ගැනීම නිසා ලක්ෂයක පමණ පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බව තේ කර්මාන්තකරුවන් පැවසීමෙන් පසු ලබාදිය හැකි විසඳුම් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (17) අරලියගහ මන්දිරයේ දී මේ සාකච්ඡාව පැවැත්වුණි.



