කැෆේ සංවිධානයෙන් ඉල්ලීමක්

Share

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පෞද්ගලික ආයතවලින් නිවාඩු ලබාගැනීමේදී මතුවන ගැටලු ඇත්නම් පැමිණිලි කරන්නැයි “කැෆේ සංවිධානය“ ඉල්ලීමක් කර තිබේ.

 

එම සංවිධානයේ පැමිණිලි ඒකකය විසින් ඊට අදාළ පැමිණිලි බාරගන්නා බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කරයි.

අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එලෙස ලැබෙන පැමිණිලිවලට විසදුම් ලබාදීමට කටයුතු කර බව ද ඒ මහතා පැවසීය.

සෑම මැතිවරණයදීම බොහෝ පෞද්ගලික ආයතන සිය සේවකයින්ගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පෙන්වා දෙමින් ඔහු කියා සිටින්නේ මෙය බරපතළ තත්ත්වයක් බවය.

නිසි පරිදි මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව එක් එක් සේවකයා පදිංචි ප්‍රදේශය අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාගැනීම සේවක අයිතියක් බවත් එලෙස නිවාඩු ලබාදීමට ආයතන ප්‍රධානීන් බැදී සිටින බවත් ඒ හෙතෙම පෙන්වා දුන්නේය.

Read more

Local News