වෛරසය ආසාදනය වූ නාවික සාමාජිකයන් 901 ක් සුවය ලබයි

Share

නාවික හමුදාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 901 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ තවත් නාවික සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා පිට ව යෑමත් සමග ය.

ඒ අනුව මෙ වනවිට වෛද්‍ය ප්‍රථිකාර යටතේ සිටින්නේ තවත් නාවිකයින් 5 දෙනෙකු පමණි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක් වේ.

සුවය ලබා පිටව ගිය සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Read more

Local News