කොළොන්නාව ඇතුළු ප්‍රදේශ රැසකට අද පස්වරු 2 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 2 සිට අනිද්දා පෙරවරු 9 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
අදාළ කාලය තුළ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති.



