දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය – ජනපති

Share

රබර් සඳහා නිසි මිලක් ලබාදෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

ඒ හරහා රැකියා විරහිත පිරිස් රබර් කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරයකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී ජනතාව පෙන්වා දී ඇත්තේ අතරමැදියන් හේතුවෙන් රබර් කර්මාන්තයේ නිරත වූවන්ට නිසි මිලක් නොලැබෙන අතර ඒ හේතුවෙන් කර්මාන්තයේ නිරත පිරිස ද අඩු වී ඇති බවය.

එමෙන්ම ගම්මිරිස් ඇතුළු කුළු බඩු නිෂ්පාදනයේ නිරත වූවන්ගේ ගැටලු ද ජනතාව විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබේ.

මේ අතර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන්ගේ ගැටලු සහ උපාධිධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් කෙරෙහි ද ජනාධිපතිවරයාගේ වැඩි අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read more

Local News