පසුගිය ආණ්ඩුව කළ දේ ගැන අගමැති කියයි

Share

පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ දී සිදුවූයේ පළිගැනීම් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

ඔහු මෙම අදහස් පළ කළේ අද (18) කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩා පිටියේ දී පැවති ජන හමුවකට එක්වෙමිනි.

යම් ආණ්ඩුවක් විසින් හොඳ ක්‍රියාවක් සිදුකළේ නම් එය ඉදිරියට ගෙන යාම ඉන් පසුව එන ආණ්ඩුවේ වගකීමක් බව ද එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් පසුගිය අවුරුදු හතර හමාර තුළ දී රට විශාල පසුබෑමකට ලක්වු බවත් ඒ මහතා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මධුර විතානගේ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ ජන හමුවක් කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ දී ඊයේ (17) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Read more

Local News