එජාපය බලයට ආ විට රටේ ආර්ථිකය උඩු යටිකුරු වුනා – රනිල්

Share

මෙරට තුළ නව කෘෂි ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ජනතාවට ලබා දිය යුතු බවත් ඒ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි සෑම අවස්ථාවකම රටේ ආර්ථිකය උඩු යටිකුරු වු බව ද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

අනුරාධපුර දෙකේ කණුව ප්‍රදේශයේ ඊයේ (18) පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයට අදාළ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කර ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

Read more

Local News