A/L හා ශිෂ්‍යත්වය පැවැත්වෙන දින අද ප්‍රකාශයට පත් කෙරේ

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

 

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව එය ප්‍රකාශයට පත් කරන බවයි.

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර තීරණය කර තිබුණි.

මේ අතර 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා ලබන 27 වැනිදා පාසල් විවෘත කිරීමට නියමිත ය.

සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කෙරෙනු ඇති.

එහෙත් රාජාංගනය හා වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාසවල පිහිටි කිසිදු පාසලක් අගෝස්තු 10 වැනිදා තෙක් විවෘත නොවේ

Read more

Local News