කුරුණෑගල රාජ සභාව කඩා දැමීම සම්බන්ධයනේ වන කමිටුවේ අතුරු වාර්තාව අනිද්දා අගමැතිට

Share

දෙවැනි බුවනෙකබාහු රජතුමාගේ කුරුණෑගල රාජ සභාව කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ අතුරු වාර්තාවක් අනිද්දා අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතව තිබේ.

 

කමිටු සාමාජික පුරා විද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මහතා සඳහන් කළේ, අතුරු වාර්තාව සකස් කිරීම අද ආරම්භ කරන බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්කළ පංච පුද්ගල කමිටුවේ සභාපතිත්වය දරන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ය.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර් රත්නායක, පුරා විද්‍යාඥයින් වන ටී.ජී කුලතුංග සහ ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන් මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මිය එහි සෙසු සාමාජිකයින් ය.

ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබන 23 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා කමිටුවට නියෝග කළේ ය.

මෙම කමිටුව පසුගිය සෙනසුරාදා ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කළේ ය.

13 වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් යැයි සැළකෙන අදාළ ගොඩනැගිල්ල 1940 අංක 09 දරණ පුරා වස්තු ආඥා පනත යටතේ පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස සැලකෙන ස්මාරකයකි.

Read more

Local News