කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ රජය ලබාදුන් ජීවනාධාර දීමනාවලින් රුපියල් 5000ක මුදලක් නැවත අය කරගැනීමේ සූදානමක් පවතින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු පවසන්නේ සමෘද්ධි සහනාධාරලාභීන් රැවටීමේ වැඩසටහනක් ආණ්ඩුව විසින් සිදුකරගෙන යන බවය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුරයේ ඊයේ (19) පැවති ජනහමුවකදීය.
තම නායකත්වය යටතේ බිහිවන ආණ්ඩුව සෑම විටම සමෘද්ධිලාභීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



