රත්නපුරයේ නව සංවර්ධන සැලැස්මකට ජනපතිගේ අවධානය

Share

යෝජිත සංවර්ධන සැලැස්මෙන් රත්නපුර නගරය ට නව මුහුණුවරක් ලැබෙනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

ඒ යටතේ රත්නපුර නගර මධ්‍යයේ අංග සම්පූර්ණ බස්නැවතුම්පොළක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ යටතේ මහ මැතිවරණයට තරග වැඳ සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා එම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර, අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා පැරණි දුම්රිය මාර්ගයට අයත් ඉඩම්වල පදිංචිව සිටින 35,000ක් පමණ ජනතාවට නීත්යාඅනුකූල ඔප්පු ලබාදීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.

එමෙන්ම පතල් කර්මාන්තකරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීම එක් ආයතනයක් මඟින් සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එකඟතාව පළ වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read more

Local News